හරින් සහ මනුෂ පක්ෂයෙන් නෙරපීම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිඥවරු කියයි

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ තීරණය සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ නිසියාකාරව අනුමත වී නොමැති අතර පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් එම නෙරපීම සිදුකර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා කර තිබෙනවා.

තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදීයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා යන මහත්වරු එම කරුණු දක්වා සිටියේ.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ යම් සාමාජිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීම හෝ නෙරපීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය පැවරී තිබුණ ද ඒ සදහා විධිමත් විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කල යුතූ බවයි.

නමුත් සිය සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට අදාළ ලිපියේ එවැනි විනය ක්‍රියා පටිපාටියක් අනුගමනය කර තිබෙන බවක් පෙනී නොයන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

යම් සාමාජිකයෙකුගෙන් නිදහසට කරුණු විමසීමේ බලය හා විනය පියවර ගැනීමේ බලය මුලුමනින්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත පැවරී තිබෙන බවත් පක්ෂ නායකත්වයට ඒ සම්බන්ධයෙන් බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

තම සේවාදායකයාට එරෙහිව විනය පියවර ගැනීම සඳහා ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කළ බව සඳහන් කළ ද ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් වග උත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

සිය සේවාදායකයාට එරෙහි චෝදනා පත්‍රයට අත්සන් තැබීම විනය කමිටුවේ සභාපතිවරයා විසින් සිදු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරු පක්ෂයෙන් නෙරපීමට අදාළ තීන්දුව ගනු ලැබූ රැස්වීමට පක්ෂයේ මහ ලේකම්වරයා සහභාගි වී නොතිබු බවත් කියා සිටියා.

එමෙන්ම නෙරපීමට අදාළ ලිපිය නිකුත් කර තිබෙන්නේ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා බවත් ඔහුට එවැනි ලිපියක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම කියාසිටියේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව යම් සාමාජිකයෙකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ බලය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිමි වී තිබෙන බවයි.

සිය සේවාදායකයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ දී සාක්ෂි වශයෙන් යොදාගෙන තිබෙන්නේ පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන පමණක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහුට සාධාරණ හා ස්වාධීන විනය පරීක්ෂණයක් නොලැබුණු බවත් අවධාරණය කළා.

තම සේවාදායකයා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව සඳහන් කරමින් ඔහු නෙරපා හැරීමට කටයුතු කෙරුණ ද ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන්නේ ව්‍යවස්ථාවේ කුමන ප්‍රතිපාදනය ද යන්න පැහැදිලි කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් ඒ අනුව පෙත්සම්කරුගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට වගඋත්තරකරුවන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය නොවැම්බර් මස 14 වනදා දක්වා කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38