රාජ්‍ය ඇමති සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් වී තිබෙනවා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයා වන චමත් මොරායස මහතා මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී වගඋත්තරකාර සනත් නිෂාන්ත මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුව විමසීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ පැමිණිලි නැවත ලබන 31 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදීන නව විනිසුරු මඩුල්ල නම් කරන බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයකදී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනයට ලක් කර ඇති බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14