බාල වයස්කාර දැරියකට හදි කළ අයෙකු සිර භාරයට

බාලවයස්කාර දැරියකලට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යාංශ මූලස්ථානය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරියට අදාළ සිදුවීම සිදු ව ඇත්තේ ඇය දුම්රියෙහි ගමන් කරමින් සිටියදියි.

තම දියණියට දුම්රියේ දී ලිංගික අතවර කළ පුද්ගලයාව මගීන් විසින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී අල්ලා දුම්රිය ආරක්ෂක නිලධාරීන් වෙත බාර දුන්න ද, නීතිය ක්‍රියාත්මක නොකර එම පුද්ගලයාව මුදා හැර ඇති බවට අතවරයට පත් දැරියගේ මව විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු ව යළිත් සිර භාරයට ගෙන ඇත්තේ.

මීට දින පහකට පමණ ඉහත දී එම සිද්ධිය සිදු ව තිබෙනවා.

දැරියගේ මව විසින් කරන ලද එම පැමිණිල්ල අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා කවුරුන්දැයි නිශ්චිත ව තහවුරු කරගැනීමෙන් අනතුරුවයි; පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මගීන් විසින් සැකකරු අල්ලා ආරක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබියදීත්; සැකකරුට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකර මුදාහැරි ආරක්ෂක නිලධාරීන්ට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11