spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාල වයස්කාර දැරියකට හදි කළ අයෙකු සිර භාරයට

බාලවයස්කාර දැරියකලට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යාංශ මූලස්ථානය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරියට අදාළ සිදුවීම සිදු ව ඇත්තේ ඇය දුම්රියෙහි ගමන් කරමින් සිටියදියි.

තම දියණියට දුම්රියේ දී ලිංගික අතවර කළ පුද්ගලයාව මගීන් විසින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී අල්ලා දුම්රිය ආරක්ෂක නිලධාරීන් වෙත බාර දුන්න ද, නීතිය ක්‍රියාත්මක නොකර එම පුද්ගලයාව මුදා හැර ඇති බවට අතවරයට පත් දැරියගේ මව විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු ව යළිත් සිර භාරයට ගෙන ඇත්තේ.

මීට දින පහකට පමණ ඉහත දී එම සිද්ධිය සිදු ව තිබෙනවා.

දැරියගේ මව විසින් කරන ලද එම පැමිණිල්ල අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා කවුරුන්දැයි නිශ්චිත ව තහවුරු කරගැනීමෙන් අනතුරුවයි; පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මගීන් විසින් සැකකරු අල්ලා ආරක්ෂක නිලධාරීන් වෙත බාර දී තිබියදීත්; සැකකරුට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකර මුදාහැරි ආරක්ෂක නිලධාරීන්ට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත්තේ.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?