දකුණු කොරියාවේ දී තරුණියක් දූෂණයට එරෙහි ව අවසන් කෙරුණු නඩුවක් යළි කැඳවීමට අවසර

1998 වසරේ දකුණු කොරියාවේ දී 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙන ශ්‍රී ලාංකික විත්තිකරුවකු වරදකරු කොට ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹුණේ.

මෙම පෙත්සම් විභාගය එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි පවත්වනු ලැබුවා.

1998 වසරේ දකුණු කොරියාවේදී 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මතු තාක්ෂණික කාරණා හේතුවෙන් එහිදී අදාළ විත්තිකරු නිදහස් කිරීමට කොරියානු අධිකරණය විසින් නියම කර තිබුණා.

එහෙත් මෙම විත්තිකරු සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගන්නා ලෙස කොරියානු ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුම යටතේ කොරියානු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා විසින් අදාළ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය අදාළ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළ බව අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන නඩු විභාගයේ දී සඳහන් කළා.

එහෙත් එම මහාධිකරණ තීන්දුවට එරෙහි ව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළත්; අභියාචනාධිකරණය විසින් ද එම මහාධිකරණ තීන්දුව තහවුරු කළ බව ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ විත්තිකරුට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 01 වන දා සිදු කරන බවයි අධිකරණ නියෝගයේ සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?