දකුණු කොරියාවේ දී තරුණියක් දූෂණයට එරෙහි ව අවසන් කෙරුණු නඩුවක් යළි කැඳවීමට අවසර

1998 වසරේ දකුණු කොරියාවේ දී 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙන ශ්‍රී ලාංකික විත්තිකරුවකු වරදකරු කොට ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹුණේ.

මෙම පෙත්සම් විභාගය එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි පවත්වනු ලැබුවා.

1998 වසරේ දකුණු කොරියාවේදී 18 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මතු තාක්ෂණික කාරණා හේතුවෙන් එහිදී අදාළ විත්තිකරු නිදහස් කිරීමට කොරියානු අධිකරණය විසින් නියම කර තිබුණා.

එහෙත් මෙම විත්තිකරු සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගන්නා ලෙස කොරියානු ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය සහයෝගීතා ගිවිසුම යටතේ කොරියානු රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව නීතිපතිවරයා විසින් අදාළ විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය අදාළ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළ බව අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන නඩු විභාගයේ දී සඳහන් කළා.

එහෙත් එම මහාධිකරණ තීන්දුවට එරෙහි ව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළත්; අභියාචනාධිකරණය විසින් ද එම මහාධිකරණ තීන්දුව තහවුරු කළ බව ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ විත්තිකරුට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 01 වන දා සිදු කරන බවයි අධිකරණ නියෝගයේ සඳහන් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21