වාඩියකින් හමු වූ බීඩි කොළ තොගය

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 288 ක් සමග එක් පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් 24 වැනිදා සවස මෙම වැටලීම සිදුකර ඇති බවයි.

කල්පිටිය – වන්නිමුන්දලම ප්‍රදේශයේ ධීවර වාඩියක සඟවා තිබියදී මෙම බීඩි කොළ තොගය සොයා ගැනීමට පොලිස් නිලධරීන් සමත් ව තිබෙනවා.

බීඩි කොළ තොගය පොලිතින් උර 09 ක අසුරා තිබී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.

බීඩි කොළ තොගය සඟවා තබාගෙන සිටි වාඩියේ හිමිකරුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කල්පිටිය – ජනසවිපුර පදිංචි අවුරුදු 47 ක් වන අයෙක්.

සැකකරු සහ බීඩි කොළ තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56