spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාඩියකින් හමු වූ බීඩි කොළ තොගය

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 288 ක් සමග එක් පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉකුත් 24 වැනිදා සවස මෙම වැටලීම සිදුකර ඇති බවයි.

කල්පිටිය – වන්නිමුන්දලම ප්‍රදේශයේ ධීවර වාඩියක සඟවා තිබියදී මෙම බීඩි කොළ තොගය සොයා ගැනීමට පොලිස් නිලධරීන් සමත් ව තිබෙනවා.

බීඩි කොළ තොගය පොලිතින් උර 09 ක අසුරා තිබී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.

බීඩි කොළ තොගය සඟවා තබාගෙන සිටි වාඩියේ හිමිකරුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කල්පිටිය – ජනසවිපුර පදිංචි අවුරුදු 47 ක් වන අයෙක්.

සැකකරු සහ බීඩි කොළ තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?