පවුල් ආරවුලක් මත සැමියා විසින් බිරිඳගේ ගෙළ කපා ඝාතනය කළ පුවතක් පූගොඩ, මණ්ඩාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි.
පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ සොයාබැලීමේ දී සැමියා විසින් සිය බිරිඳගේ ගෙළ කපා නිවස තුළ දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුරුව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකිරීමේ දී ඔහු ද නිවස ආසන්නයේ පිහිටි ගසක ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
ඝාතනයට ලක් වූ කාන්තාව 46 හැවිරිදි වියේ පසුවූ අතර, සියදිවි නසාගත් සැමියා 54 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්.
මොවුන් දෙදෙනා අතර කලක සිය ආරවුල් පැවති බවයි විමර්ශනවල දී අනාවරණය වී අත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














EKATA INNA BARI NAM ARAWUL NAM DENNAMA WEN WENNA KEMATHI NAM WEN WENNA THIBUNA, AKAMATHI NAM KAWURU HARI KENEK ANIKAWA DALA YANNA THIBUNA. EHEMA KALANAM MEHEMA MARA GANNA ONA NAHE NEDHHA. PAHU WELA HARI GELAPENNE NATHI BAWA DENA GATH WITA SUHADAWA WEN WENNA THIBUNA.