පොහොර ටෙන්ඩරය ප්‍රමාද කළ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවතට

පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරින් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවර මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී කඩිනමින් පොහොර මිලදී ගැනීම සඳහා අදාළ ටෙන්ඩර් කැඳවන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරින් දෙදෙනා යූරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යූරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යූරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබූ බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ඒ වනවිට ලෝක වෙළෙඳපලේ යූරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුදමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇතැයි සඳහන්.

මේ නිසා රජයට විශාල මුල්‍යමය පාඩුවක් සිදු කර ඇති බව පෙනී යන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මාස තුනක් ටෙන්ඩර් ප්‍රමාද කිරීම හේතුවෙන් රජයට විශාල මුදලක් පාඩු කරමින් හා ගොවි ජනතාවට කලට වේලාවට පොහොර ලබා දීම අපහසුතාවයක් ඇති කිරීම මෙන්ම සිතාමතා රාජකාරිය පැහැර හැරීම මෙම නිලධාරින් දෙදෙනා විසින් සිදු කර ඇති බව පෙනී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් පොහොර සැපයීමේ කටයුතු බාරව කටයුතු කරන ලද අදාළ ඉහළ නිලධාරියා හා නිලධාරිනිය වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට මාරු කර යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?