පොහොර ටෙන්ඩරය ප්‍රමාද කළ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවතට

පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරින් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවර මහ කන්නයේදී ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී කඩිනමින් පොහොර මිලදී ගැනීම සඳහා අදාළ ටෙන්ඩර් කැඳවන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරින් දෙදෙනා යූරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යූරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතිනවා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යූරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබූ බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ඒ වනවිට ලෝක වෙළෙඳපලේ යූරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුදමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇතැයි සඳහන්.

මේ නිසා රජයට විශාල මුල්‍යමය පාඩුවක් සිදු කර ඇති බව පෙනී යන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මාස තුනක් ටෙන්ඩර් ප්‍රමාද කිරීම හේතුවෙන් රජයට විශාල මුදලක් පාඩු කරමින් හා ගොවි ජනතාවට කලට වේලාවට පොහොර ලබා දීම අපහසුතාවයක් ඇති කිරීම මෙන්ම සිතාමතා රාජකාරිය පැහැර හැරීම මෙම නිලධාරින් දෙදෙනා විසින් සිදු කර ඇති බව පෙනී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් පොහොර සැපයීමේ කටයුතු බාරව කටයුතු කරන ලද අදාළ ඉහළ නිලධාරියා හා නිලධාරිනිය වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට මාරු කර යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26