කතානායකවරයා පත් කර ඇති කමිටුව මගින් සත්‍ය අසත්‍ය ජනතාවට දැක බලා ගැනීමට හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට පහරදුන් බවට චෝදනා එල්ලවූ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ අදාළ වීඩියෝව නැරඹීමෙන් ද සැබෑ තත්ත්වය වටහා ගැනීමට හැකියාව ඇති බවයි.
රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වෙමින් සිටි අදාළ රාජ්‍ය අමාත්‍යවරියට එය නතර කර එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට පමණක් තමා ප්‍රකාශ කළ බවයි මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සඳහන් කළේ.
එම අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැන වැදී තමාට ද තර්ජනය කළ අදාළ මන්ත්‍රීවරිය පහරදීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට ගත් උත්සාහය පහරදීමක් වශයෙන් ප්‍රකාශ කර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කළ අතර එම ස්ථානයේ සිටි අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ද කරුණු විමසා තීරණයක් ගන්නා ලෙසට ඉල්ලා සිටි බවයි සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා කියාසිටියේ.
කතානායකවරයා ගනු ලබන තීන්දුවකට හිස නමන බව ද ඔහු සඳහන් කළා.














It is clear from video recordings that Diana acted in an aggressive manner using foul languag, threatening to physically attack fellow MP’s and to remove their trousers.