රාජ්‍ය ඇමතිනි ඩයනාට පහරදුන් බවට චෝදනා එල්ලවූ මන්ත්‍රී මාධ්‍යයට කතා කරයි (වීඩියෝ)

කතානායකවරයා පත් කර ඇති කමිටුව මගින් සත්‍ය අසත්‍ය ජනතාවට දැක බලා ගැනීමට හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට පහරදුන් බවට චෝදනා එල්ලවූ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ අදාළ වීඩියෝව නැරඹීමෙන් ද සැබෑ තත්ත්වය වටහා ගැනීමට හැකියාව ඇති බවයි.

රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වෙමින් සිටි අදාළ රාජ්‍ය අමාත්‍යවරියට එය නතර කර එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට පමණක් තමා ප්‍රකාශ කළ බවයි මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සඳහන් කළේ.

එම අවස්ථාවේදී පරුෂ වචනයෙන් බැන වැදී තමාට ද තර්ජනය කළ අදාළ මන්ත්‍රීවරිය පහරදීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට ගත් උත්සාහය පහරදීමක් වශයෙන් ප්‍රකාශ කර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කළ අතර එම ස්ථානයේ සිටි අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ද කරුණු විමසා තීරණයක් ගන්නා ලෙසට ඉල්ලා සිටි බවයි සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා කියාසිටියේ.

කතානායකවරයා ගනු ලබන තීන්දුවකට හිස නමන බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26