ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට නව සාමාජිකයන්

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට නව සාමාජිකයන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා කාරක සභාවේ සාමාජිකත්වය අත්හැර යෑම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහායි ස්ථාවර නියෝග 111(13) සහ 130(3) හි විධිවිධාන අනුව ඊයේ මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.

ඒ අනුව තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සහ ප්‍රදීප් උඳුගොඩ එම කාරක සභාවේ සේවය කිරීම වෙනුවෙන් නම් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරමින් අදාළ කාරක සභාවල සාභාපතිවරයන් සහ සාමාජික නියෝජිතයන් ඇතුළු කණ්ඩායමක්, ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කාරක සභා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින එරට බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ආයතනයේ (NDI) තාක්ෂණික හා සම්බන්ධීකරණ සහායෙන්.

ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ දීර්ඝ කලක් ස්ථාවරව ක්‍රියාකාරීව පවතින කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම හා අදහස් හුවමාරු කරගැනීමටත්, එම කාරක සභාවන්හි සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, ඒවායේ තාක්ෂණික එළැඹුම් හඳුනාගැනීමට මෙන්ම එහි නව්‍ය ප්‍රවණතා නිරීක්ෂණයට සහ අදාළ කාරක සභාවල මහජන සහභාගීත්වය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමට ද මෙම අධ්‍යයන වැඩසටහන මගින් අපේක්ෂිතයි.

එමෙන්ම, අදාළ කමිටුවල කාර්යයන් සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් සහිත දැක්මක් වර්ධනය කිරීමට මෙන්ම ඒ සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමටද ‍උක්ත අධ්‍යයනය ඉවහල් වනු ඇති.

අදාළ අධ්‍යයන චාරිකාව සඳහා, මහ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සභභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?