ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට නව සාමාජිකයන්

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට නව සාමාජිකයන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා කාරක සභාවේ සාමාජිකත්වය අත්හැර යෑම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහායි ස්ථාවර නියෝග 111(13) සහ 130(3) හි විධිවිධාන අනුව ඊයේ මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.

ඒ අනුව තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සහ ප්‍රදීප් උඳුගොඩ එම කාරක සභාවේ සේවය කිරීම වෙනුවෙන් නම් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරමින් අදාළ කාරක සභාවල සාභාපතිවරයන් සහ සාමාජික නියෝජිතයන් ඇතුළු කණ්ඩායමක්, ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කාරක සභා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින එරට බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ආයතනයේ (NDI) තාක්ෂණික හා සම්බන්ධීකරණ සහායෙන්.

ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ දීර්ඝ කලක් ස්ථාවරව ක්‍රියාකාරීව පවතින කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම හා අදහස් හුවමාරු කරගැනීමටත්, එම කාරක සභාවන්හි සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, ඒවායේ තාක්ෂණික එළැඹුම් හඳුනාගැනීමට මෙන්ම එහි නව්‍ය ප්‍රවණතා නිරීක්ෂණයට සහ අදාළ කාරක සභාවල මහජන සහභාගීත්වය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමට ද මෙම අධ්‍යයන වැඩසටහන මගින් අපේක්ෂිතයි.

එමෙන්ම, අදාළ කමිටුවල කාර්යයන් සඳහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයක් සහිත දැක්මක් වර්ධනය කිරීමට මෙන්ම ඒ සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමටද ‍උක්ත අධ්‍යයනය ඉවහල් වනු ඇති.

අදාළ අධ්‍යයන චාරිකාව සඳහා, මහ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සභභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48