අක්කර 40,000කට බඩඉරිඟු බීජ නොමිලේ – යූරියා පොහොරත් නොමිලේ

මහ කන්නයේ අක්කර 40,000කට බඩඉරිඟු බීජ නොමිලේ ගොවීන් වෙත බෙදාදීම අද (20) දිනයේ සිට ආරම්භ කෙරෙනවා.

බඩඉරිඟු වගාවට අවශ්‍ය යුරියා පොහොර ද නොමිලේ ලබාදීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

මෙවර මහ කන්නයේ දී දිවයිනේ දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ලබාදුන් උපදෙස් මත මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනෙහි අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩඉරිඟු බීජ නොමිලේ මෙලෙස ලබාදීමට නියමිතයි.

පසුගිය වර්ෂයේ සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැතිකම නිසා මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය අඩාල වූ අතරම එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගියා.

මේ හේතුවෙන් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමට ද රජයට සිදු වූ අතර, සත්ව ආහාර හිඟය නිසා සත්ව නිෂ්පාදන ගොවිපොළ රැසක් වැසී යාමට ලක් වුණා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බඩඉරිඟු වගාව පුළුල් කිරීමට තීරණය කරනු ලැබුවා.

මෙවර මහ කන්නයේ දී මෙම ව්‍යාපෘතිය යටතේ පමණක් අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමට ඒ අනුව සැළසුම් කළා.

ඒ, අනුව කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල විසින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු බීජ ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වනවිට ඇණවුම් කර ඇති අතර, එම පොහොර ද බඩඉරිඟු වගාකරන ගොවීන්ට නොමිලේ ලබාදීමට නියමිතයි.

ඒ, අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000කට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000කට ඉදිරි දින කිහිපය තුළ බඩඉරිඟු බීජ ලබාදීම නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?