අක්කර 40,000කට බඩඉරිඟු බීජ නොමිලේ – යූරියා පොහොරත් නොමිලේ

මහ කන්නයේ අක්කර 40,000කට බඩඉරිඟු බීජ නොමිලේ ගොවීන් වෙත බෙදාදීම අද (20) දිනයේ සිට ආරම්භ කෙරෙනවා.

බඩඉරිඟු වගාවට අවශ්‍ය යුරියා පොහොර ද නොමිලේ ලබාදීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

මෙවර මහ කන්නයේ දී දිවයිනේ දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ලබාදුන් උපදෙස් මත මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනෙහි අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩඉරිඟු බීජ නොමිලේ මෙලෙස ලබාදීමට නියමිතයි.

පසුගිය වර්ෂයේ සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැතිකම නිසා මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය අඩාල වූ අතරම එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගියා.

මේ හේතුවෙන් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමට ද රජයට සිදු වූ අතර, සත්ව ආහාර හිඟය නිසා සත්ව නිෂ්පාදන ගොවිපොළ රැසක් වැසී යාමට ලක් වුණා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බඩඉරිඟු වගාව පුළුල් කිරීමට තීරණය කරනු ලැබුවා.

මෙවර මහ කන්නයේ දී මෙම ව්‍යාපෘතිය යටතේ පමණක් අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමට ඒ අනුව සැළසුම් කළා.

ඒ, අනුව කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල විසින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු බීජ ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වනවිට ඇණවුම් කර ඇති අතර, එම පොහොර ද බඩඉරිඟු වගාකරන ගොවීන්ට නොමිලේ ලබාදීමට නියමිතයි.

ඒ, අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000කට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000කට ඉදිරි දින කිහිපය තුළ බඩඉරිඟු බීජ ලබාදීම නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34