කිං කෝලි, ගේල් සමඟ සමතැන ගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන තරගවල දී වැඩිම වාර ගණනක් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් ක්‍රීඩකයින් අතර සමතැන හිමිකර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමන් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඊයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයේ වීරයා සම්මානය හිමකර ගැනීමෙන් පසුවයි.

ඊයේ පැවති තරගයේ දී කෝලි නොදැවී රැස්කළ ලකුණු 103ත් සමඟ ඔහුට එම තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

මේ වන විට විරාට් කෝලි අයි.සී.සී. තරගවල අවස්ථා 11ක දී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ඇති අතර, මේ වනෛට ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද අවස්ථා 11ක දී තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.

ඉන්දීය හිටපු පිතිකරුවෙක් වන සචින් ටෙන්ඩුල්කාර් අවස්ථා 10 කදී අයි.සී.සී. තරගවල තරගයේ වීරයා ලෙසට තේරී පත්ව ඇති අතර, ශ්‍රී ලංකා හිටපු ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය තරගයේ වීරයා ලෙස සම්මාන දින ඇති අවස්ථා ගණන 09ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14