spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කිං කෝලි, ගේල් සමඟ සමතැන ගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන තරගවල දී වැඩිම වාර ගණනක් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් ක්‍රීඩකයින් අතර සමතැන හිමිකර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සමන් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඊයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයේ වීරයා සම්මානය හිමකර ගැනීමෙන් පසුවයි.

ඊයේ පැවති තරගයේ දී කෝලි නොදැවී රැස්කළ ලකුණු 103ත් සමඟ ඔහුට එම තරගයේ වීරයා සම්මානය හිමි වුණා.

මේ වන විට විරාට් කෝලි අයි.සී.සී. තරගවල අවස්ථා 11ක දී තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ඇති අතර, මේ වනෛට ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද අවස්ථා 11ක දී තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා.

ඉන්දීය හිටපු පිතිකරුවෙක් වන සචින් ටෙන්ඩුල්කාර් අවස්ථා 10 කදී අයි.සී.සී. තරගවල තරගයේ වීරයා ලෙසට තේරී පත්ව ඇති අතර, ශ්‍රී ලංකා හිටපු ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය තරගයේ වීරයා ලෙස සම්මාන දින ඇති අවස්ථා ගණන 09ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?