වැස්සත් එක්ක ගාල්ලේ පාරවල් රැසක් ජලයෙන් යටවෙයි

පවතින දැඩි වර්ෂාපතනයත් සමග ගාල්ල අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ගාල්ල – බද්දේගම මාර්ගය, ගාල්ල – වක්වැල්ල මාර්ගය සහ ගාල්ල – මාපලගම යන මාර්ගවල ස්ථාන රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

මෙම මාර්ග ජලයෙන් යටවී ඇත්තේ මෙම සතියේ තුන්වන වතාවටයි.

ජනතාව චෝදනා කරන්නේ අවිධිමත් ඉදි කිරීම් මෙන්ම අනවසර ඉදි කිරීම් හේතුවෙන් මෙලෙස මාර්ග ජලයෙන් යටවන බවයි.

මාර්ග ජලයෙන් යටවීම හමුවේ රථ වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබෙනවා.

මේ අතර අද පැවැති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරය ද ජලයෙන් යට වී තිබෙනවා.

විශේෂයෙන් දකුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වූ මිරිස්ස නගරය මුහුද පෙනි පෙනී මෙලෙස ජලයෙන් යට වීමට හේතුවක් නොමැති අතර අනවසර ඉදිකිරීම් සහ ජලය බැස යන කාණු පද්ධතියක් නොමැති වීම මීට හේතුව බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මෙම තත්ත්වය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බව ද ජනතාව ජනතාව පෙන්වා දෙනවා.

මෙහිදී ජල ගැලීම හේතුවෙන් මාර්ගයේ දෙපස ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ජලයෙන් යටව තිබූ අතර පැය කීපයක් තිස්සේ ගමනාගමනයට බාධා පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58
Video thumbnail
ජනපති ඇතුළු පාපිසි 159ටම හිරේ යන්න වෙනවා
08:03
Video thumbnail
දිට්වා හානි කළ දේපළ වෙනුවෙන් වන්දි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්
05:20
Video thumbnail
ජනාධිපතිතුමා සත්‍යයට බයයි - මර්දනය කරන්න හදනවා
05:17
Video thumbnail
රාජ්‍ය නිළධාරින් මැලි වීම ගැන හදුන්නෙත්ති කනස්සලු වෙයි..
03:33
Video thumbnail
පුත්තලම බේලි පාලම බලන්න යුද හමුදාධිපති එයි
01:39
Video thumbnail
මිලියන 250 විතරක් අරගෙන හිනාවෙල ඉන්න එපා..දැන්වත් විහිළු කරන එක නවත්තලා මිනිස්සු ගම්වලට යවන්න
08:49
Video thumbnail
කලා වැවේ ජල මට්ටම ඉහළට..අවුකන පාලම හා හඳුන්ගමුව පාලමත් ජලයෙන් වැසී ගිහින්
01:36
Video thumbnail
හැමෝම ෆුල් හොල්මන් වුණ හඳුන්නෙත්තිගේ ඇමතුම..?ඇයි මාතර තියෙන්නේ ලංකාවේ නෙවෙයි ද
03:19


?