මහේල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර හදිසියේ ම දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යළිත් දිවයිනට පැමිණ තිබෙනවා.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ මහේලගේ පැමිණීම සිදු ව ඇත්තේ ඉන්දියාවේ සිට බවයි.

මේ දිනවල ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මහේල ව මෙරටට කැඳවා ඇත්තේ.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා එක්වීමටයි මහේල මෙලෙස දිවයිනට ඊයේ රාත්‍රියේ දී පැමිණ ඇති බවට වාර්තා වන්නේ.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී තරග තුනෙන් එකක් හෝ ජය ගැනීමට නොහැකි වුණා.

ඒ සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයන්හි පවා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකලාප දැඩි විවේචනවලට හසුවෙමින් පවතිනු දැකිය හැකියි.

ඊයේ රාත්‍රිය වන විට මෙම තත්ත්වය නෙදර්ලන්තය විසින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරනු ලැබීමත් සමග යළිත් ඇවිස්සුණා.

ඊට හේතුව ප්‍රසාද ලකුණු සටහනේ අන්තිම එනම් 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්ත ජයග්‍රහණයත් සමග ඇදවැටීමය්ඊ.

ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හැර අන් සියලුම කණ්ඩායම එක තරගයක් හෝ මේ වනවිට ජයග්‍රහණය කර ඇති බැවින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය දකුණු අප්‍රිකාවටත්, දෙවැන්න පකිස්ථානයටත්, තෙවැන්න ඔස්ට්‍රේලියාවටත් එරෙහි ව පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
35
+1
2
+1
13
+1
10
+1
10
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?