AFC Banner
Empty Ad
Empty Ad

තුන්සක රියවල බැටරි ගැලවූ විදුහල්පතිනියගේ පුතා සහ යාළුවා පොලිසියට මාට්ටු

ගාල්කර තිබෙන ත්‍රීරෝද රථවල බැටරි ගැලවූ පුද්ගල‍යින් දෙදෙනකු පානදුර දකුණ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි 28 සහ 29 හැවිරිදි තරුණයින් දෙදෙනකුයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

පානදුර වලාන- නල්ලූරුව ප්‍රදේශයේ ගාල්කර තිබූ ත්‍රීරෝද රථවලින් ගලවාගෙන සොරාගත් බැටරි 6 ක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනුණා.

මොවුන් දෙදෙනා ම පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලැබූ අය බවත්, එක් අයෙකු විදේශගත ව සිට සති දෙකකට පෙර දිවයිනට පැමිණ ඇති බවත් වාර්තා වනවා.

එක් සැකකරුවෙකුගේ මව විදුහල්පතිනියක් බවටයි තොරතුරු හෙළි ව ඇත්තේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?