බැංකුවක් කොල්ලකෑ සැකකරුවන් තිදෙනා අල්ලයි

පුත්තලම – මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කඩා, එයින් මුදල් කොල්ල කෑ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් එක්ව එම ප්‍රදේශයේ බැංකුවක ATM යන්ත්‍රය කඩා ඉන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් රැගෙන පලා ගොස් සිටියදියි පොලිස් අත් අඩංගුවට ගැනුණේ.

අදාළ මූල්‍ය කොල්ලකෑම පසුගිය 07 වැනි දා සිදු වූ අතර, ඊට අදාළ සැකකරුවන් ඊයේ දිනයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පුත්තලම කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් ද මීට සමගාමී ව විශේෂ මෙහෙයුමක් සිදු කළ අතර, සැකකරුවන් අනුරාධපුර, ගල්ගමුව, කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළි වී ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනාම පෞද්ගලික බැංකුවල මුදල් තැන්පත් කරන ආරක්ෂක නිලධාරින් බවට ද හෙළි ව තිබෙනවා.

අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී මුදල් කොල්ලකෑමට යොදාගත් උපකරණ සහ මුදල ද පොලිස් භාරයට ගැනුණා.

මොවුන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53


?