උඩරට දුම්රිය මාර්ගයේ අදත් දුම්රියක් පීලි පනී

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව – බණ්ඩාරවෙල අතර කොළතැන්න රේල් ගේට්ටුව අසළ දී දුම්රියක් අද (17) දහවල් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ දී ඊයේ (16) දිනයේ ද දුම්රියක් පීලි පැනීමකට ලක් වූ අතර, අද දිනයේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ එම දුම්රියම බවයි වාර්තා වන්නේ.

මෙම දුම්රිය ඊයේ (16) දින පීලි පැනීමට ලක්ව තිබුණේ දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?