අෆ්රිඩිගේ සහෝදරිය මියයයි

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩි අෆ්රිඩිගේ සහෝදරිය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

අෆ්රිඩිගේ සහොදරිය කරච්චියේ දී අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

තම සහොදරියගේ අභාවය පිළිබඳව ෂහිඩි අෆ්රිඩි ද සනාථකර කර තිබුණේ සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින්.

සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් රෝහල් ගතකර සිටියේ දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇය රෝහල් ගතව සිටිය දී තම සහෝදරිය වෙනුවෙන් යාඥා කරන ලෙස ද අෆ්රිඩි ඉල්ලා සිටියා.

අසනීප වූ සොහොයුරිය බැලීමට අෆ්රිඩි ආපසු යන අතරතුර, ඇය කනගාටුදායක ලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
7
+1
1
+1
1
+1
72
+1
12
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?