AFC Banner
Empty Ad
Empty Ad

ඩඩ්ලි සිරිසේනගේ උණවටුනේ ඉදිවුනු දකුණේ උසම හෝටලය විවෘත කිරීමේ ඡ‍ායාරෑප

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන පුරෝගාමී ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන, උණවටුන වෙරළ තීරයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළා. උණවටුන වෙරළට මීටර් 15 කට නොඅඩු දුරින් හෝටලයේ ඉදිකිරීම් භූමිය අක්කර 15 කට වඩා වැඩි වන අතර ගොඩනැගිල්ල අක්කර දෙකකට වඩා පුළුල් වන අතර මෙය දකුණේ ඉදිවුණු උසම හෝටලය ලෙසද සැලකේ. අරලිය උණවටුන බීච් හෝටලය (පුද්ගලික) සමාගමක විසින් හිමිකම ලබාගෙන ඇති අතර කාමර 200 කට අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ලෙසද මෙය හඳුවන්නට පුළුවන්. ඉතින් ඒ වගේම වෙරල තීරයට ආසන්නයේම ඉදි වූ නිසාම ඉතාමත්ම සුන්දර අලංකාරවත් දසුන් මෙන්ම වට පිටාවක් මෙම හෝටලයේ සිට නැරබීමට අවස්ථාව හිමිවෙනවා.

හරිත වනාන්තර සහිත මුහුදේ කොන්ක්‍රීට් ව්‍යුහයක් ලෙස මෙම ගොඩනැගිල්ල පවතින බැවින් එය සාගරයේ විශ්මය ජනක දසුනකට විවර වන අතර එය ඓතිහාසික වෙරළ තීරයේ සාගර දෘෂ්ටි කෝණය විනාශ කරන බවට පසුගිය කාලයේ බොහෝ දෙනෙක් මෙම ඉදිකිරීමට එරෙහිව අප්‍රසාදය පල කළා. කෙසේ වෙතත් දැන් මේ තරු පහේ සුඛෝපභෝගී හෝටල ඉදි වී අවසන්. ඉතින් මේ සුපිරි හෝටලය විවෘත කිරීමේ උත්සවයට අපේ රටේ ප්‍රධාන පෙළ පුද්ගලයින් රැසක්ම එකතුවෙලා ඉන්නවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ වෙරල තීරයට ඉතාමත්ම ආසන්නයෙන් ඉදිවුණු අරලිය උණවටුන බීච් හෝටලය විවෘත්ත කිරීමේ උත්සවයේදී ලබාගත් ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
15
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?