එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තෙවන තරගය අද (16) පැවැත් වෙනවා.
ලක්නව් හිදී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්ව සිටින අතර දෙපිළටම තරගාවලියේ ඉදිරි ගමන වඩාත් පහසු කිරීමට නම් මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම වැදගත් වනවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.
ඒ, නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමගයි.
මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවෙනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ අවස්ථා දහයක දී එකිනෙකා මුණහැසී තිබෙනවා.
මෙහිදී වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇත්තේ ඉන් තරග අටකම ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟයි.
ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි.
එලෙස ලැබූ ජයග්‍රහණය 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ලැබූ ජයග්‍රහණය ලෙසටයි ඉතිහාස ගතවන්නේ.
ඒ, අනුව ශ්‍රී ලංකාව අද දිනයේ දී තරග බිමට පිවිසෙන්නේ වසර 27කට පසු එක්දින ලෝක කුසලාන තරගයක ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්.
මේ අතර විචාරකයින් පවසන්නේ තරගාවලියේ කණ්ඩායමේ දෙකම ක්‍රීඩාකර ඇති පළමු තරග දෙක දෙස බලන විට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් සිටින බවයි.














MEKATH KANAWA. DASSA AWE DIMUTH KAPAGENA. DIMUTH DIGATAMA FAIL WENAKOTA DASSA DAMMA. DASSA KALAYAK DIGATAMA GAHAGENA AWA. NAMUTH HAMOTAMA ENAWA NARAKA KALAYAK. ARA,GURA,SANA,DILA,MAHANAMA,SISATH, RANJAN ME OKKOMA OYA KALAYE FAIL UNA. DASSA OYA SATHI 3 REST KARAWALA MENTAL FITNESS HADALA AYE DANNA. KAPANNA EPA. DASSATA THAWA HAKITI. DASSA ANTHIMA MATCH EKE CATCH KEEYAK BEWADHA? UTA LOKU PRESSURE EKAK, TIRENESS EKAK, FITNESS ADU BAWAK API DAKKA. EYATH MANUSSAYEK. REST KARAWANNA.