ලෝක කුසලානයේ සිංහ – කැන්ගරු ගැටුම අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තෙවන තරගය අද (16) පැවැත් වෙනවා.

ලක්නව් හිදී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්ව සිටින අතර දෙපිළටම තරගාවලියේ ඉදිරි ගමන වඩාත් පහසු කිරීමට නම් මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම වැදගත් වනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.

ඒ, නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමගයි.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවෙනු ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ අවස්ථා දහයක දී එකිනෙකා මුණහැසී තිබෙනවා.

මෙහිදී වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇත්තේ ඉන් තරග අටකම ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමඟයි.

ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි.

එලෙස ලැබූ ජයග්‍රහණය 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී ලැබූ ජයග්‍රහණය ලෙසටයි ඉතිහාස ගතවන්නේ.

ඒ, අනුව ශ්‍රී ලංකාව අද දිනයේ දී තරග බිමට පිවිසෙන්නේ වසර 27කට පසු එක්දින ලෝක කුසලාන තරගයක ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්.

මේ අතර විචාරකයින් පවසන්නේ තරගාවලියේ කණ්ඩායමේ දෙකම ක්‍රීඩාකර ඇති පළමු තරග දෙක දෙස බලන විට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා තරමක් ඉදිරියෙන් සිටින බවයි.

  1. MEKATH KANAWA. DASSA AWE DIMUTH KAPAGENA. DIMUTH DIGATAMA FAIL WENAKOTA DASSA DAMMA. DASSA KALAYAK DIGATAMA GAHAGENA AWA. NAMUTH HAMOTAMA ENAWA NARAKA KALAYAK. ARA,GURA,SANA,DILA,MAHANAMA,SISATH, RANJAN ME OKKOMA OYA KALAYE FAIL UNA. DASSA OYA SATHI 3 REST KARAWALA MENTAL FITNESS HADALA AYE DANNA. KAPANNA EPA. DASSATA THAWA HAKITI. DASSA ANTHIMA MATCH EKE CATCH KEEYAK BEWADHA? UTA LOKU PRESSURE EKAK, TIRENESS EKAK, FITNESS ADU BAWAK API DAKKA. EYATH MANUSSAYEK. REST KARAWANNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41