ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩා වැටෙයි

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ තන්තිරිය ප්‍රදේශයේදී පස් කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශයට පත්වී ඇති අතර එහි තිබූ වාහන තුනකට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගොඩනැගිල්ල අසලතිබූ අඩි 100ක පමණ උසකින් යුත් පස් කණ්ඩියක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

එම ස්ථානයේ තිබූ ලොරි දෙකකට සහ කැබ් රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුව මතට පස් කන්ද වැටීමත් සමග එම කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙනුයි වාහනවලට හානි සිදුවී ඇත්තේ.

මෙම අනතුරින් පුද්ගලයන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අද සවස ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාපතනයත් සමග කන්දේ පස් බුරුල්වීම හේතුවෙන් මෙම නායයාම සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43