spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩා වැටෙයි

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ තන්තිරිය ප්‍රදේශයේදී පස් කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශයට පත්වී ඇති අතර එහි තිබූ වාහන තුනකට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගොඩනැගිල්ල අසලතිබූ අඩි 100ක පමණ උසකින් යුත් පස් කණ්ඩියක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

එම ස්ථානයේ තිබූ ලොරි දෙකකට සහ කැබ් රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් තට්ටුව මතට පස් කන්ද වැටීමත් සමග එම කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙනුයි වාහනවලට හානි සිදුවී ඇත්තේ.

මෙම අනතුරින් පුද්ගලයන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අද සවස ප්‍රදේශයට පැවති දැඩි වර්ෂාපතනයත් සමග කන්දේ පස් බුරුල්වීම හේතුවෙන් මෙම නායයාම සිදුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?