මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාපතනයත් සමග බගවන්තලාව තෙරේසියා වතු යායේ නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
අද උදෑසන මෙම පස් කන්ද කඩා වැටීමත් සමග අදාළ නිවාසවල වැසිකිළි සහ මුලුතැන්ගෙවල්වලට දැඩි අලාභ හානි සිදුවි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද පෙරවරු 9ට පමණ නිවාස පේලියට පිටුපසින් පිහිටි විශාල පස් කන්දේ කොටසක් එක් වරම කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.
බගවන්තලාව ප්‍රදේශයට තවදුටරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් පස් කන්ද කඩා වැටුණු නිවාස 5ක පදිංචිකරුවන් 30 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට වතු පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
1
+1
+1