5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (14) පැවැත්වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා සිසුන් 337,596 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයේ බලපෑම නිසා හෝ වෙනත් හදිසි තත්ත්වයක දී විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විභාගය ආරම්භයට පැය භාගයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසට දෙමව්පියන්ට සහ දරුවන්ට දැනුම් දෙන බවයි.

අද යම් විභාග මධ්‍යස්ථානයක් ආපදා තත්ත්වයක් මත ගැටලුවකට මුහුණපා තිබුණහොත් එහි විභාගය ලිවීමට සූදානමින් සිටින දරුවන් ඒ ආසන්නයේ ඇති වෙනත් විභාග මධ්‍යස්ථානයක් වෙත යොමුකර විභාගයට මුහුණ දීමට පහසුකම් සපයන බව ද කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු ඊයේ (14) පස්වරුව වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24