ඊශ්‍රායලයේ සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීමක් කර නැහැ

ඊශ්‍රායලය සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ඩොලර් 10,000ක මුදලක් වෙන්කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසනවා.

මේ අතර ඊශ්‍රායලය – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ සිට අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව රතු කුරුස සංවිධානය හරහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන් අතුරුදහන් වූවා ද නැතහොත් ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටී ද යන්න සම්බන්ධයෙන් තවමත් තානාපති කාර්යාලයට තොරතුරු ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් මේවන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීමක් කර නොමැති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් ඉල්ලීමක් කළහොත් ඔවුන්ව ගෙන්වා දීමට ද හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊශ්‍රායලයේ ගුවන් ගමන් සීමාසහිත වුවද ගුවන්තොටුපොළ වසා දමා දැමීමක් සිදුකර නොමැති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම මාධ්‍යයෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස ඔහු ඉල්ලීමක් ද කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14