AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායලයේ සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීමක් කර නැහැ

ඊශ්‍රායලය සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ඩොලර් 10,000ක මුදලක් වෙන්කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසනවා.

මේ අතර ඊශ්‍රායලය – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ සිට අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව රතු කුරුස සංවිධානය හරහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන් අතුරුදහන් වූවා ද නැතහොත් ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ සිටී ද යන්න සම්බන්ධයෙන් තවමත් තානාපති කාර්යාලයට තොරතුරු ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් මේවන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීමක් කර නොමැති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙරට සිටින ඔවුන්ගේ ඥාතීන් ඉල්ලීමක් කළහොත් ඔවුන්ව ගෙන්වා දීමට ද හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊශ්‍රායලයේ ගුවන් ගමන් සීමාසහිත වුවද ගුවන්තොටුපොළ වසා දමා දැමීමක් සිදුකර නොමැති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම මාධ්‍යයෙන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස ඔහු ඉල්ලීමක් ද කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?