ඇසට අනතුරක් නම් අත් බෙහෙත්වලට යොමු නොවී වහාම රෝහලට එන්න

අක්ෂි ආබාධ හෝ ඇසට අනතුරක් සිදු වූ විට අත් බෙහෙත්වලට යොමු නොවී අනතුර සිදු වූ අවස්ථාවේදී ම ළඟම ඇති රෝහලකට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල මහතා ජනතාවට දැනුම් දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ අදට (12) යෙදෙන ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහල මගින් පැවැත්වූ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්.

ශ්‍රී ලංකාව තුළ මාසයකට අක්ෂි ශල්‍යකර්ම (කාච) 900 – 1000ක් වැනි ප්‍රමාණයක් අක්ෂි රෝහල මගින් සිදු කරන අතර අක්ෂි කාචවල කිසිදු හිඟයක් මේ වන විට නෙැමැති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේ.

“Love your Eyes” “ඔබගේ ඇසට ආදරය කරන්න” තේමා කරගත් ජාතික දෘෂ්ටි දිනයට මෙවර අරමුණු කර ඇත්තේ රැකියා ස්ථානවල අක්ෂි සුරක්ෂිතතාවයයි.

මෙම වැඩපිළිවෙළ යටතේ සමරනු ලබන ලෝක දෘෂ්ටි දිනයේ සැම දෙනා ම තම අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙස ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

මෙම වසරේ ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ දෘෂ්ටි විතානය සම්බන්ධ අක්ෂි වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සහ vision 2023 insight වැඩසටහන ලෝක දෘෂ්ටි දිනයේ Love your Eyes ඔබගේ ඇසට ආදරය කරන්න තේමාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් විශේෂ වැඩපිළිවෙළ රැසක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව කර්මාන්තශාලා, නිදහස් වෙළදකලාපය මෙන්ම අඩු පහසුකම් සහිත ප්‍රදේශවල අක්ෂි කඳවුරු මෙන්ම වැඩමුළු ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?