ඇසට අනතුරක් නම් අත් බෙහෙත්වලට යොමු නොවී වහාම රෝහලට එන්න

අක්ෂි ආබාධ හෝ ඇසට අනතුරක් සිදු වූ විට අත් බෙහෙත්වලට යොමු නොවී අනතුර සිදු වූ අවස්ථාවේදී ම ළඟම ඇති රෝහලකට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල මහතා ජනතාවට දැනුම් දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ අදට (12) යෙදෙන ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහල මගින් පැවැත්වූ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්.

ශ්‍රී ලංකාව තුළ මාසයකට අක්ෂි ශල්‍යකර්ම (කාච) 900 – 1000ක් වැනි ප්‍රමාණයක් අක්ෂි රෝහල මගින් සිදු කරන අතර අක්ෂි කාචවල කිසිදු හිඟයක් මේ වන විට නෙැමැති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේ.

“Love your Eyes” “ඔබගේ ඇසට ආදරය කරන්න” තේමා කරගත් ජාතික දෘෂ්ටි දිනයට මෙවර අරමුණු කර ඇත්තේ රැකියා ස්ථානවල අක්ෂි සුරක්ෂිතතාවයයි.

මෙම වැඩපිළිවෙළ යටතේ සමරනු ලබන ලෝක දෘෂ්ටි දිනයේ සැම දෙනා ම තම අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙස ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

මෙම වසරේ ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ දෘෂ්ටි විතානය සම්බන්ධ අක්ෂි වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සහ vision 2023 insight වැඩසටහන ලෝක දෘෂ්ටි දිනයේ Love your Eyes ඔබගේ ඇසට ආදරය කරන්න තේමාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් විශේෂ වැඩපිළිවෙළ රැසක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව කර්මාන්තශාලා, නිදහස් වෙළදකලාපය මෙන්ම අඩු පහසුකම් සහිත ප්‍රදේශවල අක්ෂි කඳවුරු මෙන්ම වැඩමුළු ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09