ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ඉවත් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමගයි නායයාමේ අවදානම සහිත ප්‍රදේශ රැසකට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ.

කෙසේවෙතත් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, අම්බලන්ගොඩ, ගාල්ල කඩවත් සතර, තවලම, බද්දේගම, අක්මීමන, ඇල්පිටිය, ඉමදුව, නෙලුව, නාගොඩ, බෝපේ පෝද්දල සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොඨාශවලට ද අවදානයෙන් සිටින ලෙසට නිකුත් කර ඇති නිවේදනය තවදුරටත් බලපැවැත්වෙනවා.

ඊට අමතරව හමබන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කලුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය සහ වලල්ලාවිටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අදාළ අවදානම් නිවේදනය බල පැවැත්වෙනු ඇති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර, හක්මන, කිරින්ද පුහුල්වැල්ල, මුලටියන, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය, පස්ගොඩ, කොටපොල, අතුරලිය, මාතර කඩවත් සතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් එම අවදානයෙන් සිටින ලෙසට නිකුත් කර ඇති නිවේදනය වලංගු බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටියේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, ඇලපාත සහ කුරුවිටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද එය අදාළ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?