Indian Premier League

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නැහැ – කැකිරාවේ සෞඛ්‍ය වෛද්‍යවරයාගෙන් දැනුම්දීමක්

මහජනතාවගේ සෞඛ්‍ය පැවැත්මට හා ජීවිත අවදානමක් ඇති වන අයුරින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුළ ඇති පීඩාකාරී විය හැකි අවදානම් ගස් – අතු, පැරණි ගොඩනැගිලි හා තාප්ප ආදිය ඉවත් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව ඇතුළු වගකිව යුතු ආයතන වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු කුෂාන් ජයවර්ධන පැවසුවේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 2023-10-10 දිනැති ලිපිය මගින් අදාළ ලිඛිත දැනුම්දීම කර තිබෙනවා.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව නිසා කොළඹ නගර සභා සීමාවේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ ජීවිත හා සෞඛ්‍ය හානි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එවන් ශෝචනීය සිද්ධීන්ගෙන් ප්‍රදේශයේ මහජනතාව හා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් එම දැනුම්දීම කර ඇති බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය වාර්තාකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චිගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ; අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නොමැති බවත්, අවදානම් මට්ටමේ ඇති සියලු ගොඩනැගිලි, ගස් සහ ඒවායේ අතු ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

WhatsApp Image 2023 10 12 at 10.48.13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11

?