අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නැහැ – කැකිරාවේ සෞඛ්‍ය වෛද්‍යවරයාගෙන් දැනුම්දීමක්

මහජනතාවගේ සෞඛ්‍ය පැවැත්මට හා ජීවිත අවදානමක් ඇති වන අයුරින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුළ ඇති පීඩාකාරී විය හැකි අවදානම් ගස් – අතු, පැරණි ගොඩනැගිලි හා තාප්ප ආදිය ඉවත් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව ඇතුළු වගකිව යුතු ආයතන වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු කුෂාන් ජයවර්ධන පැවසුවේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 2023-10-10 දිනැති ලිපිය මගින් අදාළ ලිඛිත දැනුම්දීම කර තිබෙනවා.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාව නිසා කොළඹ නගර සභා සීමාවේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ ජීවිත හා සෞඛ්‍ය හානි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එවන් ශෝචනීය සිද්ධීන්ගෙන් ප්‍රදේශයේ මහජනතාව හා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් එම දැනුම්දීම කර ඇති බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය වාර්තාකරු කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චිගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ; අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නොමැති බවත්, අවදානම් මට්ටමේ ඇති සියලු ගොඩනැගිලි, ගස් සහ ඒවායේ අතු ඉවත් කිරීමට අදාළ අංශ පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

WhatsApp Image 2023 10 12 at 10.48.13


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49