අලි එලවන්න ගිය ට්‍රැක්ටරය පෙරළී රියදුරා මියයයි

වන අලි එලවීමේ කටයුතුවල නිරත වෙමින් සිටි ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් එහි රියදුරා ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිවලාකුලම තම්මැන්නාගම ප්‍රදේශයේ දීයි ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ තම්මැන්නාගම මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක දෙදරු පියෙක්.

තවත් දෙදෙනකු සමග ට්‍රැක්ටර් රථයෙන් වන අලි පලවා හැරීමට ගිය අවස්ථාවේ දී ට්‍රැක්ටර් රථය පැදවූ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඔහු ට්‍රැක්ටර් රථය පදවමින් සිටින අතර දුරකථනයට ප්‍රතිචාර දැක්වීමට යාමේ දී මෙලෙස තම්මැන්නාගම වැවට පෙරලී ගොස් ඇතැයි සඳහන්.

තුවාල ලබා සිටි පුද්ගලයන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගතකර තිබෙනවා. ඒ අතර ට්‍රැක්ටර් රථය පැදවු පුද්ගලයා මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිවලාකුලම පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
16
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26