spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලි එලවන්න ගිය ට්‍රැක්ටරය පෙරළී රියදුරා මියයයි

වන අලි එලවීමේ කටයුතුවල නිරත වෙමින් සිටි ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් එහි රියදුරා ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිවලාකුලම තම්මැන්නාගම ප්‍රදේශයේ දීයි ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ තම්මැන්නාගම මයිලගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක දෙදරු පියෙක්.

තවත් දෙදෙනකු සමග ට්‍රැක්ටර් රථයෙන් වන අලි පලවා හැරීමට ගිය අවස්ථාවේ දී ට්‍රැක්ටර් රථය පැදවූ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඔහු ට්‍රැක්ටර් රථය පදවමින් සිටින අතර දුරකථනයට ප්‍රතිචාර දැක්වීමට යාමේ දී මෙලෙස තම්මැන්නාගම වැවට පෙරලී ගොස් ඇතැයි සඳහන්.

තුවාල ලබා සිටි පුද්ගලයන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගතකර තිබෙනවා. ඒ අතර ට්‍රැක්ටර් රථය පැදවු පුද්ගලයා මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිවලාකුලම පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
16
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?