අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල (වීඩියෝ)

අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන 7.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ බලපිටිය සිට කොස්ගොඩ දෙසට ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය මූළික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අදාළ ත්‍රී රෝද රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට භාවිත කර ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ බිරිඳ දරු ප්‍රසූතියක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර සිට ඇති අතර අලුත උපන් බිළිඳා සහ බිරිඳ බලා යළි නිවසට පැමිණෙමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි ද සඳහන්.

සැකකරුවන් මෙතෙක් අනාවරණ ව ීනොමැති අතර අහුංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01