spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල (වීඩියෝ)

අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන 7.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ බලපිටිය සිට කොස්ගොඩ දෙසට ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක්.

තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය මූළික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

අදාළ ත්‍රී රෝද රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට භාවිත කර ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ බිරිඳ දරු ප්‍රසූතියක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර සිට ඇති අතර අලුත උපන් බිළිඳා සහ බිරිඳ බලා යළි නිවසට පැමිණෙමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි ද සඳහන්.

සැකකරුවන් මෙතෙක් අනාවරණ ව ීනොමැති අතර අහුංගල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
3
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?