AFC Banner
Empty Ad
Empty Ad

පස්සර බස් අනතුරින් පසු පළාගිය ටිපර් රථ රියදුරා අත්අඩංගුවට

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම ටිපර් රථයේ රියදුරු 45 හැවිරිදි තැනැත්තෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රීයේ පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (20) උදෑසනලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවුණි.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?