බංග්ලාදේශයට එරෙහිව ලකුණු 137කින් ජයගැනීමට එංගලන්තය අද (10) සමත්විය
ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 364ක් රැස්කරගත්තේය.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද පැවති 7 වන තරගය වු මෙම තරගයෙන් ලකුණු 365ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිතිකරුවන්ට පන්දුවාර 48යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 227ක් පමණයි.
ලින්ටන් ඩාස් පන්දු 66කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 76ක් රැස්කරගැනීමට සමත්විය.
මුස්ෆිකියු රහිම් පන්දු 64කදී ලකුණු 51ක් රැස්කළා.බංග්ලාදේශ පිතිකරුවන්ට ප්රබල පීඩනයක් එල්ලකළ Reece Topley ලකුණු 43කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.
