ජනපති රනිල් නිල සංචාරයක් සඳහා චීනයට

නිල සංචාරයක් සඳහා මෙම 14 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙහිදී චීන රජය සමඟ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිත අතර මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බව යි වාර්තා වන්නේ.