රාජාංගනයේ කාන්තාවගේ ඝාතකයා පොලිස් අත්අඩංගුවට

තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය, නවසිරිගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

රාජාංගනය – 05 කණුව ප්‍රදේශයේ ඔහු රැදී සිටින බවට පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අද (08) පෙරවරුවේ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සඳහා සැකකර යොදා ගත් උල් ආයුධය ද පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් මත සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු රාජාංගනය, නවසිරිගම ප්‍රදේශයේ ම පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු විසින් ඊයේ (07) පස්වරුවේ 53 හැවිරිදි තිදරු මවක් ඝාතනය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

මීට දින කීපයකට පෙර ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට ගොස් ඊයේ (07) පැමිණ සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මීට වසර 15 කට පමණ ඉහත දී රෝගාතුරුව මිය යාමෙන් පසු ඝාතනයට සිදුකළ පුද්ගලයා සමඟ වසර 13ක පමණ සිට අදාළ කාන්තාව අනියම් ඇසුරක් පවතවාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදු කළ බව කියන සැකකරු විවාහකයකු බවත්, ඔහුට ද දරුවන සිටින බවයි පවුලේ ඥාතීන් පවසා ඇත්තේ.

මෙම යුවළ නීත්‍යාණූකූලව විවාහ නොවූව ද වසර ගණනක් එකට දිවි ගෙවා ඇති බවත්  බවත්, කාන්තාවගේ බාල දරුවා සමඟ එක නිවසක ඔවුන් දිවි ගෙවූ බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මේ අතර බාල දරුවා සමඟ මීට මාසයකට පෙර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර, එම ගැටුම සමථ මණ්ඩලයට යොමු කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (07) දින සමථ මණ්ඩලයේ දී එය විභාගයට ගැනීමට නියමිතව තිබූව ද ඒ සඳහා කාන්තාවගේ සොහොයුරා හා දරුවා සහභාගී වී නොමැති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා සමථ මණ්ඩලයට සහභාගී වීමෙන් පසු එළැඹෙන 21 වැනි දින පැමිණෙන ලෙස දැන්වූ බව ද ඔහු විසින් ඝාතනයට ලක් වූ කාන්තාවට නිවස අසලදී පවසා තිබෙනවා.

පසුව ඊයේ (07) දිනයේ ම පස්වරුවේ නිවස අසළ වෙළඳසැලකදී ද ඝාතනය සිදුකළ සැකකරු විසින් ඝාතනයට ලක් වූ කාන්තාවගෙන් “සමථ මණ්ඩලයට යනවාද?” යැයි විමසා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම කාන්තාව “ 21 නේ තියෙන්නේ “ යනුවෙන් පවසා ධීවර රැකියාවේ නිරත වීම සඳහා වැවට ගොස් නැවත ඇයගේ සොයුරාගේ නිවසට පස්වරුවේ පැමිණ දිවා අහාරය ලබාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ සැකකරු විසින් එම නිවසට පැමිණ “ආ.. උඹ හොඳට ඉන්නවා නේද” යැයි පවසා “ඉඳපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න” යනුවෙන් සඳහන්කර ඉනේ සඟවාගෙන සිටි කිනිස්සකින් කාන්තාවගේ ශරීරයේ ස්ථාන කිහිපයකට ඇන තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ කාන්තාව රාජාංගනය, යාය 05 ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23