IMF සමුළුව, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුවේ ඇති කරගත් විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක්

ලෝකය පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම හෙට (09) මොරොක්කෝවේ මරකේච් හි දී ආරම්භ වනවා.

ලබන 15 දක්වා පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රටවල් රැසක මුදල් අමාත්‍යවරු, මහබැංකු අධිපතිවරු හා නිලධාරීන් එක්වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සදහා සහභාගී වී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?