සේවය අවසන් කර යමින් සිටි පොලිස් පරීක්ෂකවරයාට වෙඩි

තම බිරිඳගේ නිවස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ස්ථාන දෙකකදී වෙඩි තබා පලා ගොස් ඇති බව මාවතගම පොලිසිය පවසනවා.

ඊයේ (07) රාත්‍රී 7ට පමණ පළමු වෙඩි තැබීම සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට මුහුණ දී ඇත්තේ පන්නල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්.

ඊයේ සවස මෙම නිලධාරියා රාජකාරි අවසන් කර සිවිල් අදුමින් සැරසී යතුරු පැදියකින් මාවතගම ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවස වෙත ගමන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී වීරඹුගෙදර පොලිස් වසමේ මීවැව මාර්ග බාධකය හා කළුගමුව හන්දිය අතරදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පොලිස් පරීක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයන් දෙකක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් පරීක්ෂකවරයා තම ගමන් මාර්ගය වෙනස් කර යතුරුපැදිය කුරුණෑගල දෙසට ධාවනය කර තිබෙනවා.

නැවත වතාවක් පෙර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා පිදුරුවැල්ල ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති අතර මෙම අවස්ථා දෙකෙහිදීම පොලිස් පරීක්ෂකවරයාට කිසිදු අනතුරක් සිදුවී නැහැ.

තම බිරිඳගේ නිවසට පැමිණීමෙන් පසුව පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම සිද්ධිය මාවතගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දී ඇති පොලිස් නිලධාරියා පන්නල පොලිස් වසමේදී මෑතකදී සිදු කර ඇති වැටලීමක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවට සැක කෙරෙන බවයි විමර්ශණ සිදු කරන නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
3
+1
4
+1
8
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55