spot_imgspot_img
spot_img

සේවය අවසන් කර යමින් සිටි පොලිස් පරීක්ෂකවරයාට වෙඩි

තම බිරිඳගේ නිවස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ස්ථාන දෙකකදී වෙඩි තබා පලා ගොස් ඇති බව මාවතගම පොලිසිය පවසනවා.

ඊයේ (07) රාත්‍රී 7ට පමණ පළමු වෙඩි තැබීම සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට මුහුණ දී ඇත්තේ පන්නල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්.

ඊයේ සවස මෙම නිලධාරියා රාජකාරි අවසන් කර සිවිල් අදුමින් සැරසී යතුරු පැදියකින් මාවතගම ප්‍රදේශයේ පිහිටි තම බිරිඳගේ නිවස වෙත ගමන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී වීරඹුගෙදර පොලිස් වසමේ මීවැව මාර්ග බාධකය හා කළුගමුව හන්දිය අතරදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පොලිස් පරීක්ෂකවරයාට වෙඩි ප්‍රහාරයන් දෙකක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පොලිස් පරීක්ෂකවරයා තම ගමන් මාර්ගය වෙනස් කර යතුරුපැදිය කුරුණෑගල දෙසට ධාවනය කර තිබෙනවා.

නැවත වතාවක් පෙර යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා පිදුරුවැල්ල ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති අතර මෙම අවස්ථා දෙකෙහිදීම පොලිස් පරීක්ෂකවරයාට කිසිදු අනතුරක් සිදුවී නැහැ.

තම බිරිඳගේ නිවසට පැමිණීමෙන් පසුව පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම සිද්ධිය මාවතගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දී ඇති පොලිස් නිලධාරියා පන්නල පොලිස් වසමේදී මෑතකදී සිදු කර ඇති වැටලීමක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවට සැක කෙරෙන බවයි විමර්ශණ සිදු කරන නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
3
+1
4
+1
8
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?