AFC Banner
Empty Ad
Empty Ad

මාතර ගල් බන්ට් එක උතුරා යයි – පහත් බිම් අවට ජනතාවට දැනුම් දීමක් (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නිල්වලා ගංගා ද්‍රෝණියේ පහළ පිහිටි විශාල ගංවතුර ආරක්ෂණ බැමිවලින් BR 05 ගල් බන්ට් එක අසලින් ගඟ උතුරා ගොස් තිබෙනවා.

ගඟ උතුරා ගොස් ආරක්ෂිත ප්‍රදේශවලට ජලය ඇතුලුවීම අද රාත්‍රී 9.30ට ආරම්භ වූ බවයි නිල්වලා ගඟ පහළ නිම්නයේ ජනතාව වෙතත් ආපදා කළමනාකරණ අංශ වෙතත් දැනුම් දෙන්නේ.

මේ අනුව පහත් බිම් ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව සහ මාර්ගවල ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර අයහපත් කාලගුණයත් සමග පවතින ගංවතුර හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමට ලක්වී තිබෙනවා.

වැඩි වන ජල මට්ටම් සමග මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ මගින් ලබා දෙන විදුලිය විසන්ධි කිරීමට සහ විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් මගින් නැවත විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව සහ අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් ද සිදුවී ඇති බවයි.

Matara Flood1 scaled
Matara Flood2 scaled
Matara Flood3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
5
+1
20
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?