මාතර ගල් බන්ට් එක උතුරා යයි – පහත් බිම් අවට ජනතාවට දැනුම් දීමක් (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග නිල්වලා ගංගා ද්‍රෝණියේ පහළ පිහිටි විශාල ගංවතුර ආරක්ෂණ බැමිවලින් BR 05 ගල් බන්ට් එක අසලින් ගඟ උතුරා ගොස් තිබෙනවා.

ගඟ උතුරා ගොස් ආරක්ෂිත ප්‍රදේශවලට ජලය ඇතුලුවීම අද රාත්‍රී 9.30ට ආරම්භ වූ බවයි නිල්වලා ගඟ පහළ නිම්නයේ ජනතාව වෙතත් ආපදා කළමනාකරණ අංශ වෙතත් දැනුම් දෙන්නේ.

මේ අනුව පහත් බිම් ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව සහ මාර්ගවල ගමන් කරන රියදුරන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර අයහපත් කාලගුණයත් සමග පවතින ගංවතුර හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමට ලක්වී තිබෙනවා.

වැඩි වන ජල මට්ටම් සමග මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ මගින් ලබා දෙන විදුලිය විසන්ධි කිරීමට සහ විදුලිය විසන්ධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් මගින් නැවත විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව සහ අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් ද සිදුවී ඇති බවයි.

Matara Flood1 scaled
Matara Flood2 scaled
Matara Flood3 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16